කොවිඩ්-19

Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 397ක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 01 පස්වරු 11.05ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 01 වන ඉරිදා පස්වරු 11.00 වනවිට 11,060ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 204 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 506 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.

දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 397ක් වන අතර ඔවුන් අතරින්,

  • නිරෝධායනයට ලක්ව සිටි – 41
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 356

එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 7,582දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 68% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 4,905කි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top