(RIVIRA.LK, 2020 නොවැම්බර් 02 – යාවත්කාලීන කිරීම පස්වරු 7.36)
ශ්‍රී ලංකාවේ සිදු වූ 22 වන කොවිඩ් ආසාදිත මරණය ලෙස නොවැම්බර් 02 වන දින පෙරවරුවේ දී වසංගත රෝග විද්‍යා අංශය විසින් තහවුරු කරන ලද සියදිවි හානි කරගත් 27 හැවිරිදි කොවිඩ් ආසාදිත තරුණයාගේ මරණය කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් සිදු වූ මරණයක් බවට පිළිගත නොහැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරන්නේ, අදාළ මරණය සඳහා කොවිඩ් – 19 වෛරසයේ දායකත්වයක් නොමැති බවයි. එමෙන්ම, කොවිඩ් – 19 වෛරසයේ බලපෑම තක්සේරු කිරීම සඳහා වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් එම මරණ වෙනම වාර්තා කිරීමට තීරණය කර ඇති බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, මේ දක්වා ශ්‍රී ලංකාව තුළ සිදු වී ඇත්තේ කොවිඩ් – 19 මරණ 21ක් පමණක් බවත් අදාළ නිවේදනයෙන් තහවුරු කරයි.

