කොවිඩ්-19

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකුටත් කොරෝනා

(RIVIRA.LK, 2020 නොවැම්බර් 02 පස්වරු 04.14ට)

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකුට නොවැම්බර් 01 වැනි දින කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටියි.

අදාළ සේවකයා මේ වන විට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති බවත් ඔහුගේ රාජකාරිය අනුව ඔහු එම කාර්යාලයේ සේවකයන් සමඟ ඉතාමත් අවම මට්ටමක සම්බන්ධ වී ඇති පුද්ගලයෙකි. කෙසේනමුත්, ඔහුගේ සමීපතමයින් හඳුනාගෙන ඔවුන්ට පීසීආර් පරීක්ෂණ සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

කොවිඩ් – 19 වෛරසය පැතිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අඩු කාර්ය මණ්ඩලයක් සහිතව පසුගිය සති කිහිපයේ දී කටයුතු සිදු කළ බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Rivira FB Group Rivira Youtube
To Top