කොවිඩ්-19

අද දිනට ආසාදිතයින් 275ක් වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 02 – යාවත්කාලීන කිරීම පස්වරු 08.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 02 වන සඳුදා පස්වරු 08.00 වනවිට 11,335ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 111 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 344 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.

දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 275ක් වන අතර ඔවුන් අතරින්,

  • නිරෝධායනයට ලක්ව සිටි – 43
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 232

එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 7,857දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 69% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 5,249කි. සමස්ත ආසාදිතයින් අතුරින් 21 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 6,065ක් ලෙස සටහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top