(RIVIRA.LK, 2020 නොවැම්බර් 02 පස්වරු 07.51ට)
මේ වන විට ලබා දී ඇති දෙවන වාර පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා සඳහන් කරයි. ඒ අනුව, නව වාරය සඳහා නොවැම්බර් 23 වැනි දින පාසල් නැවත විවෘත කිරීමට නියමිතයි.
පසුගිය ඔක්තෝම්බර් 05 වැනි සඳුදා සිට දෙවන වාර පාසල් නිවාඩුව ඇරඹි අතර නොවැම්බර් 09 වැනි සඳුදා දින සිට තෙවන වාරය ආරම්භ කිරීමට නියමිත වී තිබිණි.

