,
Covid-19

මෙරට 22 හා 23 කොරෝනා වාර්තා සිදුවෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 03 පස්වරු 12.27ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 22 හා 23 වන මරණ ද නොවැම්බර් 03 දින වාර්තා වී තිබෙනවා. එම මරණ දෙකම කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් හී පදිංචි වයස අවුරුදු 61 සහ කොටහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 68ක් වන කාන්තාවන් දෙදෙනෙකු බව ද සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මෙතෙක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් නොකිරීම ද විශේෂත්වයකි. මීට පෙර 22 වන මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ මරණය පසුව වසංගත රෝග විද්‍යා අංශය මගින් කොවිඩ් මරණයක් ලෙස පිළිනොගන්නා බව නිවේදනය කළේ ය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙන අතර දෙවැනි රැල්ලට අදාළව සති දෙකක් තුළ සිදුව ඇති මරණ ගණන 10 ක් ලෙස සටහන් ව තිබෙනවා.

වැඩි විස්තර සඳහා

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top