කොවිඩ්-19

කොවිඩ් වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය කිරීම පිළිබඳ රජය සළකා බලමින් සිටී – සෞඛ්‍ය ඇමති

(RIVIRA.LK, 2020 නොවැම්බර් 03 පස්වරු 01.00ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයින් භූමදානය කිරීම සඳහා ඇති අයිතිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොවැම්බර් 03 වන දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේ ය. එහිදී එම සිරුරු ආදාහනය කිරීම ඉස්ලාම් ඇදහීම්වලට අනුව පාපයක් බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා චෝදනා කළේ දේශපාලනික තීන්දු මත එම කටයුත්ත සිදුවී ඇති බවයි.

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාතය මොහොමඩ් අලි සබ්රි සඳහන් කළේ එම තීරණයට යළි සළකා බලන ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර සොයා බැලීමට මාස 06 පෙර ඉල්ලීම් කර ඇති බැවින් එය දේශපාලනීකරණය නොකරන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ එම කමිටුව පත් කරන්නැයි ඉල්ලා මාස 06ක් ගතවී ඇති බවයි. එබැවින් වහාම එම කමිටුව පත් කර භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස ඔහු සඳහන් කළා.

ඊට ප්‍රතිකාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් බොහෝ ඉල්ලීම් ලැබී ඇති බැවින් මේ වනවිට එම තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බලමින් සිටින බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 23 ක් වාර්තා වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසන පරිදි ඒ අතර මුස්ලිම් ජාතිකයින් 09 දෙනෙකු ආදාහනය කර ඇති බව අනාවරණය වේ.

වැඩිදුර කියවන්න

Rivira FB Group Rivira Youtube
To Top