,

ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා ආසාදිත මරණය පිළිබඳ නිල වාර්තාව

(RIVIRA.LK, 2020 නොවැම්බර් 03 පස්වරු 03.40ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 22 වන මරණය නොවැම්බර් 03 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ ජම්පටා වීදියේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. නොවැම්බර් 01 දින නිවසේ දී මියගොස් ඇති අදාළ කාන්තාව පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

එම කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර පවුලේ සාමාජිකයින් සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබී ඇත. අදාළ කාන්තාව ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර ඇත. එහි වාර්තාව අනුව එම කාන්තාවට වෛරසය ආසාදිත බවත් මිය යාමට ආසන්නතම හේතුවෙන් කොරෝනා වෛරසය හේතුවෙන් නියුමෝනියා තත්වයට පත්වීම බවත් නිගමනය කර තිබෙනවා.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 09 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 22 වන මරණය ලෙසත් තහවුරු කර තිබෙනවා.

Rivira Ads