,

ශ්‍රී ලංකාවේ 23 වන කොරෝනා ආසාදිත මරණය පිළිබඳ නිල වාර්තාව

(RIVIRA.LK, 2020 නොවැම්බර් 03 පස්වරු 07.37ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 23 වන මරණය නොවැම්බර් 03 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 15 පදිංචි 61 හැවිරිදි කාන්තාවකි. නොවැම්බර් 02 දින නිවසේ දී මියගොස් ඇති අදාළ කාන්තාව පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

මෙම කාන්තාවට උණ, කැස්ස, උගුරේ ආසාදනය ආදී රෝගී තත්වයන් තිබී ඇති බවත්, මරණයට ආසන්නතම හේතුව පෙනහළු ආසාදනය වීම බවත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 10 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 23 වන මරණය ලෙසත් තහවුරු කර තිබෙනවා.

Rivira Ads