,

BRANDIX පොකුරේ සමස්තය 8000 ඉක්මවයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 03 පස්වරු 10.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 03 වන අඟහරුවාදා පස්වරු 10.00 වනවිට 11,774ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 332 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.

දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 409ක් වන අතර ඔවුන් අතරින්,

  • නිරෝධායනයට ලක්ව සිටි – 08
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 401

එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 8,265දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 70% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 5,581කි. සමස්ත ආසාදිතයින් අතුරින් 23 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 6,140ක් ලෙස සටහන් වේ.

Rivira Ads