දේශීය පුවත්

220:213 දැනට බයිඩන් ඉදිරියෙන්, ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 04 පස්වරු 02.22ට)

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03 දින පැවැත්වුනා. ඒ අනුව මේ වනවිට එහි ප්‍රතිඵල ලැබෙමින් පවතින අතර රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අතර ප්‍රබල සටනක් තිබෙන බව ඡන්ද ප්‍රතිඵල පෙන්වා දෙනවා.

මේ වනවිට ඡන්ද විද්‍යාල 538න් 433ක ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එයි ඡන්ද විද්‍යාල 220 ජයග්‍රහණය ජෝ බයිඩන් විසින් තහවුරු කරගෙන තිබෙන අතර 213ක ජයග්‍රහණය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කරගෙන තිබෙනවා.

තීරණාත්මක ප්‍රතිඵල කිහිපයක් ලැබීමට නියමිත අතර ඇරිසෝනා, පෙන්සිල්වේනියා, විස්කොන්සින් සහ මිචිගන් යන ප්‍රාන්තවල ප්‍රතිඵල තීරණාත්මක බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

මෙතෙක් ප්‍රතිඵල නිකුත් කර නොමැති ප්‍රාන්ත වන්නේ ඇරිසෝනා(11), නෙවාඩා (06), විස්කොන්සින් (10), මිචිගන් (16), පෙන්සිල්වේනියා (20), උතුරු කැරොලිනා (15), ජෝර්ජියා (16), මේයින් (04) හා ඇලස්කා (03) යන ඒවායි. ඒ අතරින් දැනට වාර්තා වන පරිදි ඇරිසෝනා, නෙවාඩා සහ මේයින් යන ප්‍රාන්තවල ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින අතර පෙන්සිල්වේනියා, මිචිගන්, විස්කොන්සින්, ඇලස්කා, උතුරු කැරොලිනා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටී. කෙසේ වෙතත් ඉදිරියෙන් සිටීම මගින් අවසන් තීරණය අනුමාන කිරීමට යොදා ගැනීම නිවැරදි නොවිය හැක.

ජයග්‍රහණය සඳහා ඡන්ද විද්‍යාල 270ක ජයග්‍රහණය තහවුරු කර ගැනීම අවශ්‍ය වේ.

මේ අතර ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ ඡන්ද ගණනය කිරීමේ දී දූෂණ සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. තම ජයග්‍රහණයට එය බාධාවක් නොවනුත් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට බලාපොරොත්තු වන බව ට්‍රම්ප් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top