කොවිඩ්-19

ඉටුකම කොවිඩ් අරමුදලේ ශේෂය රු. මිලියන 1,600 ඉක්මවයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 04 පස්වරු 04.30ට)

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල හෙවත් ඉටුකම අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 1,693 දක්වා ඉහළ ගොස් තිබෙන බව නොවැම්බර් 04 බදාදා දින නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ අරමුදලේ ශේෂය රුපියල් 1,693,475,780.01ක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මෙම අරමුදලට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට දායක විය හැකි අතර චෙක් පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකියි.

දුරකථන අංක 0760700700, 0112320880, 0112354340, 0112424012 ඇමතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගත හැක.

Rivira FB Group Rivira Youtube
To Top