කොවිඩ්-19

Brandix පොකුරේ 2,437කට සුවයි, මාසයක් ගතවුවත් තවම පාලනය වී නෑ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 04 පස්වරු 05.08ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 04 වන බදාදා පස්වරු 04.30 වනවිට 11,744ක් ලෙස සටහන් ව තිබෙනවා. දිනය තුළ ආසාදිතයින් 277 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.

එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 8,266 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 70% ඉක්මවූ ප්‍රමාණයකි. එසේම එම පොකුරේ ආසාදිතයින් අතුරින් 1,041ක් දෙනෙකු මිනුවන්ගොඩ Brandix ආයතනයේ සේවකයින් වන අතර අනෙක් සියලු ආසාදිතයින් ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත.

එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් අතරින් 2,437 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. ඔක්තෝම්බර් 03 දින ආරම්භ වූ මෙම පොකුර මාසයක් ගත වනවිටත් පාලනය වී නොතිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 5,858කි. සමස්ත ආසාදිතයින් අතුරින් 23 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,823ක් ලෙස සටහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top