Covid-19

ශ්‍රී ලංකාවේ 24 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 04 පස්වරු 08.47ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 24 වන මරණය නොවැම්බර් 04 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 13 පදිංචි 79 හැවිරිදි කාන්තාවකි. කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකින් නොවැම්බර් 03 දින සිය නිවසේ දී අදාළ කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම කාන්තාව මසකට අධික කාලයක් රෝගාතුරව සිය නිවසේ ගතකර ඇති බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුනු අයෙකු බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී ඇත. එසේම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 11 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 24 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top