,
Covid-19

කොවිඩ්-19 ආසාදියෙකු ඇද වැටී මිය යයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 04 පස්වරු 10.39ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් අයෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 04 දින අනාවරණය කළා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 13 පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. එහෙත් අදාළ මරණය කොවිඩ්-19 මරණයක් ලෙස නොසළකන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පුද්ගලයා නිවසේ සිටිය දී ඇද වැටී ඇති අතර එයින් හිසට සිදු වූ බරපතල හානි හේතුවෙන් නොවැම්බර් 02 දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා නොවැම්බර් 03 දින මරණයට පත්ව තිබෙනවා. මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඔහුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. කෙසේ වෙතත් මරණයට ආසන්නතම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ හිසට සිදු වූ බරපතල හානියයි.

ඒ අනුව, මෙය කොරෝනා මරණයක් ලෙස නොසැළකෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top