,

මෙරට ආසාදිතයින් 12,000 පසු කරයි, මාලදිවයිනත් පසු කරයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 05 පෙරවරු 11.20ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 05 වන බ්‍රහස්පතින්දා පෙරවරු 09.00 වනවිට 12,187ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 169 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඒ සමගම ශ්‍රී ලංකාව කොරෝනා ආසාදිතයින් වැඩිම රටවල් අතර 107 වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ මාලදිවයින ද පසු කරමිනි.

නොවැම්බර් 04 දිනය තුළ තත්වය මෙසේය.

  • නව ආසාදිතයින් ගණන - 443
  • දිනය තුළ සුවය ලැබූ ගණන - 277
  • මරණ ගණන - 01

නොවැම්බර් 04 දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් මෙසේය,

  • නිරෝධායනයට ලක්ව සිටි – 25
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 418

එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 8,708දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 71% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 5,858කි. සමස්ත ආසාදිතයින් අතුරින් 24 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 6,140ක් ලෙස සටහන් වේ.

Rivira Ads