කොවිඩ්-19

වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගනී

(RIVIRA.LK, 2020 නොවැම්බර් 05 පස්වරු 01.35ට)

කොවිඩ්-19 වෛරසයේ දෙවන රැල්ලේ පැතිරීමත් සමග වැලිකඩ බන්ධනාගාරයෙන් ද නව ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් අතර බන්ධනාගාර නිලධාරියෙකු, සිරකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් 04 දෙනෙකු සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා.

එසේම, රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශයේ සියලු සැකකාරියන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගෙන ඇති බවත්, තවදුරටත් පැතිරී යාම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top