කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ 25 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 05 පස්වරු 06.21ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 25 වන මරණය නොවැම්බර් 05 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 02 පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පිඹුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී නොවැම්බර් 04 දින මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මෙම පුද්ගලයා දීර්ග කාලීන වකුගඩු රෝගී තත්වයකින් පීඩා විඳි අයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 12 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 25 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

දිනය තුළ වාර්තා වූ අනෙකුත් මරණ පිළිබඳ විස්තර පහතින්

Rivira FB Group Rivira Youtube
To Top