කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ 29 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 05 පස්වරු 06.38ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 29 වන මරණය නොවැම්බර් 05 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙය දිනය තුළ වාර්තා වූ 05 වන මරණය යි.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අදාළ කාන්තාවට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බවත්, මරණයට ආසන්නතම හේතුව කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 16 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 29 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

දිනය තුළ වාර්තා වූ අනෙකුත් මරණ පිළිබඳ විස්තර පහතින්

Rivira FB Group Rivira Youtube
To Top