(RIVIRA.LK, 2020 නොවැම්බර් 05 පස්වරු 07.35ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 05 වන බ්‍රහස්පතින්දා පස්වරු 07.00 වනවිට 12,400ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 213ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 765 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. එසේම 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඉහළම මරණ ප්‍රමාණයක් වාර්තා වූයේ අදයි. එසේම ඉහළම සුව වීම් ප්‍රමාණයක් වාර්තා වූයේ ද අදයි.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 6,623කි. සමස්ත ආසාදිතයින් අතුරින් 29 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,748 බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 429ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 53.4%ක් ලෙසත් මරණ අනුපාතය 0.23%ක් ලෙසත් වාර්තා වේ. මෙරට ජනගහණය මිලියනයට සාපේක්ෂව හමුවී ඇති ආසාදිතයින් ගණන 580ක් වේ. එසේම ජනගහණය මිලියනයකට සිදුව ඇති මරණ ගණනත් 1.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් 12,400 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර – 8,921
විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1,465
විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 100
කන්දකාඩු කොරෝනා පොකුර – 651 (දැනට අක්‍රීයයි)
නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
වෙනත් – 313 (දැනට අක්‍රීයයි)
ඔක්තෝම්බර් මස 03 වැනි දින බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ පළමු ආසාදිතයා වාර්තා වූ අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 71%කට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව වේ.
එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 556,359ක් වන අතර නොවැම්බර් 04 දින පරීක්ෂණ 11,316ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට ජනගහණය මිලියනයකට සිදුකර ඇති පරීක්ෂණ ගණන 25,998 ඉක්මවා තිබෙනවා.

