,
Covid-19

Brandix හා පෑලියගොඩ පොකුර 9,000 පනී, දින 14ට මරණ 16ක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 06 පස්වරු 01.37ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 06 වන සිකුරාදා පෙරවරු 09.00 වනවිට 12,570ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

නොවැම්බර් 05 දිනය තුළ තත්වය මෙසේය.

  • නව ආසාදිතයින් ගණන - 383
  • දිනය තුළ සුවය ලැබූ ගණන - 765
  • මරණ ගණන - 05

එක් දිනයක් තුළ සුවය ලැබූ ඉහළම ගණන හා එක් දිනයක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන වාර්තාවූයේ නොවැම්බර් 05 වන බ්‍රහස්පතින්දා යි. එසේම දෙවන රැල්ලේ දින 14ක් තුළ මරණ 16ක් වාර්තා වී තිබෙනවා. පළමු රැල්ලේ මාස 6කටම වාර්තා වී තිබුණේ මරණ 13ක් පමණයි.

නොවැම්බර් 05 දිනය තුළ වාර්තා වූ මරණ මෙසේය,

  1. ශ්‍රී ලංකාවේ 25 වන කොරෝනා ආසාදිත මරණය
  2. ශ්‍රී ලංකාවේ 26 වන කොරෝනා ආසාදිත මරණය
  3. ශ්‍රී ලංකාවේ 27 වන කොරෝනා ආසාදිත මරණය
  4. ශ්‍රී ලංකාවේ 28 වන කොරෝනා ආසාදිත මරණය
  5. ශ්‍රී ලංකාවේ 29 වන කොරෝනා ආසාදිත මරණය

නොවැම්බර් 05 දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් මෙසේය,

  • නිරෝධායනයට ලක්ව සිටි – 00
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 383

දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් ප්‍රදේශය අනුව,

  • කොළඹ - 168
  • ගම්පහ - 157
  • කළුතර - 24
  • කෑගල්ල - 06
  • මාතර - 05
  • මඩකලපුව - 01
  • කුරුණෑගල - 01
  • පොලීස් නිලධාරීන් - 21

එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 9,091දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 72% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 6,625කි. සමස්ත ආසාදිතයින් අතුරින් 29 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,918ක් ලෙස සටහන් වේ.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top