කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 358 දක්වා ඉහළට
(RIVIRA.LK, 2020 නොවැම්බර් 06 පස්වරු 05.39ට)
කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් රැසක් ද එම වෛරසයට නිරාවරණය වී තිබෙනවා. මේ අතර තවත් පොලිස් නිලධාරින් 85කට වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවින්ත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව, නොවැම්බර් 06 පස්වරු 5 වනවිට සමස්ත පොලිස් නිලධාරින් 358 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා. රාගම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ද වෛරසය ආසාදනය වී තිබෙන අතර ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් නිලධාරීන් 10 දෙනෙකු පොලිස්ථානය තුළ ම නිරෝධායනය කිරීමට පියවරගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 199 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ස්වයං නිරෝධායනයට යොමු කර සිටින නිලධාරීන් සංඛ්‍යාව 1,350කට අධික බව පොලීසිය සඳහන් කරනවා.