කොවිඩ්-19

නිරෝධායනය වෙමින් සිටි ගම්පහ 68 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ දී මිය යයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 06 පස්වරු 06.00ට)

ගම්පහ දිස්ත්‍රික්කයේ පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනයට ලක්ව සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු නොවැම්බර් 06 දින මිය ගොස් තිබෙනවා. ඔහුගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහල වෙත යොමු කර තිබෙනවා.

මිරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කොවිඩ්-19 වෛරසය ආසාදිත ඇඟළුම් කම්හලක සේවිකාවක් මිය ගිය පුද්ගලයාගේ නිවස ඇතුළු අසල්වැසි නිවාස කිහිපයක් සමග සම්බන්ධතා පවත්වා තිබූ බැවින් එම නිවාස කිහිපය නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබූ බවයි. මීට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් එම නිවාසවල සිටි කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබුණත් දින 14ක නිරෝධායනයට යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ පීසීආර් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව මත ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top