,
Covid-19

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයින් 23ක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 06 පස්වරු 07.00ට)

කොවිඩ්-19 වෛරසය ආසාදිත තවත් රැඳවියන් 23 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ බව බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

නොවැම්බර් 04 දින සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී ඇති අතර එම 23 දෙනාගෙන් 22ක් කාන්තා රැඳවියන් බව ද අනාවරණය වී තිබෙනවා. එම ආසාදිතයින් සියලු දෙනා වැලිකඩ බන්ධානාගරයේ ස්ථාපිත කර ඇති කොවිඩ්-19 ප්‍රතිකාර රෝහල වෙත යොමු කර තිබෙනවා.

මීට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වී තිබුණා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top