(RIVIRA.LK, 2020 නොවැම්බර් 06 පස්වරු 07.07ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 06 වන සිකුරාදා පස්වරු 07.00 වනවිට 12,783ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 213 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
නොවැම්බර් 06 දිනය තුළ තත්වය මෙසේය.
නව ආසාදිතයින් ගණන - 213
දිනය තුළ සුවය ලැබූ ගණන - 563
නොවැම්බර් 06 දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් මෙසේය,
නිරෝධායනයට ලක්ව සිටි – 00
බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ ආශ්‍රිත – 213
එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 9,305 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 72% ඉක්මවූ ප්‍රමාණයකි.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 7,186කි. සමස්ත ආසාදිතයින් අතුරින් 29 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,568ක් ලෙස සටහන් වේ.

