,

මෙරට 30 වන කොරෝනා මරණය ලෙස 23 හැවිරිදි තරුණයෙකු මිය යයි, අවසන් මරණ 11න් 10ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 07 පෙරවරු 09.14ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 30 වන මරණය නොවැම්බර් 06 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම තරුණයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මරණයට ආසන්නතම හේතුව දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ්-19 ආසාදනය වීම බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 17 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 30 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

මේ අතර අවසන් මරණ 11න් එනම් 20 වැනි මරණයේ සිට 30 වැනි මරණ දක්වා වූ මරණ 11න් 10ක්ම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙනවා. 21 වැනි මරණ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

Rivira Ads