කොවිඩ්-19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 13,000ට ආසන්න වෙයි, නොවැම්බර් 06 දින වෛරසයේ බලපෑම පිළිබඳ ඔබ දැනගත යුතු දේ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 07 පෙරවරු 11.37ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 07 වන සෙනුසුරාදා පෙරවරු 09.00 වනවිට 12,970ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නොවැම්බර් 06 දිනය තුළ තත්වය මෙසේය.

  • නව ආසාදිතයින් ගණන - 400
  • දිනය තුළ සුවය ලැබූ ගණන - 563
  • මරණ ගණන - 01

නොවැම්බර් 06 දිනය තුළ වාර්තා වූ මරණ මෙසේය,

  1. ශ්‍රී ලංකාවේ 30 වන කොරෝනා ආසාදිත මරණය

නොවැම්බර් 06 දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් මෙසේය,

  • නිරෝධායනයට ලක්ව සිටි – 00
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 400

එදින වාර්තා වූ ආසාදිතයින් දිස්ත්‍රික්කය අනුව,

  1. කොළඹ - 101
  2. ගම්පහ - 203
  3. කළුතර - 13
  4. කෑගල්ල - 18
  5. කුරුණෑගල - 17
  6. මහනුවර - 01
  7. මාතලේ - 01
  8. නුවරඑළිය - 01
  9. බදුල්ල 02
  10. අම්පාර - 01
  11. ගාල්ල - 03
  12. මාතර - 01
  13. හම්බන්තොට - 01
  14. වව්නියාව - 01
  15. රත්නපුර - 02
  16. අනුරාධපුර - 01
  17. පොළොන්නරුව - 01
  18. මොණරාගල - 01
  19. පොලීස් නිලධාරීන් - 06
  20. වැලිකඩ බන්ධනාගාරය - 23

එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 9,492 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 73% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 7,186කි. සමස්ත ආසාදිතයින් අතුරින් 30 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,754ක් ලෙස සටහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top