(RIVIRA.LK, 2020 නොවැම්බර් 07 පස්වරු 02.32ට)
කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යාමත් සමග වැලිකඩ බන්ධනාගාරයට ද ව්‍යාප්ත විය. ඒ අනුව එහි කාන්තා අංශයේ රැඳවියන් රැසකට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
එම පිරිස අතරට පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් සහරාන් හෂීම්ගේ බිරිඳ වන 25 හැවිරිදි අබ්දුල් කාදර් ෆාතිමා හදියා ද අයත් වන බව වාර්තා වනවා. ඒ අනුව ඇයව නොවැම්බර් 07 දින පොළොන්නරුව වැලිකන්ද කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර දැඩි ආරක්ෂාව යටතේ රැගෙනවිත් එම ආරක්ෂාව යටතේම රඳවා සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
වැලිකඩ බන්ධනාගාරයේ සිටිය දී ආසාදනය වූ රැඳවියන් 28 දෙනෙකු වැලිකන්ද කෝවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ප්‍රතිකාර කරන බව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

