(RIVIRA.LK, 2020 නොවැම්බර් 07 පස්වරු 05.54ට)
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් වසා දැමුණු ප්‍රදේශවල සිටින සහ නිරෝධායනයට ලක් කළ නිවෙස්වල ජල පාරිභෝගිකයින්ට ජල බිල්පත් ගෙවීම සඳහා පමණක් සහන කාලයක් ලබාදෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළා.
අනෙකුත් පාරිභෝගිකයින් සාමාන්‍ය පරිදි ජල බිල්පත් ගෙවීම සිදුකළ යුතු බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සියලු දෙනා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවත්, නිරෝධායන කටයුතු හෝ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට පමණක් “සහන කාලයක්” පමණක් ලැබෙනු ඇති බවයි.
එසේම, කොවිඩ්-19 වෛරස පාලනය කිරීම ආණ්ඩුවේ පමණක් වගකීමක් නොවන බවත් ජනතාවට ද ඒ සඳහා වගකීමක් ඇති බවත් අමාතයවරයා සඳහන් කළා.

