කොවිඩ්-19

තවත් කොරෝනා මරණ 04ක්, මරණ ගණන 34 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 07 පස්වරු 09.16ට)

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී තවත් මරණ 04ක් සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

31 වන මරණය

31 වන මරණය ලෙස වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 10 පදිංචි 42 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ සිටිය දී එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ දීර්ග කාලීන හෘද රෝගයකින් ද පෙළී ඇති බවයි. එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘද රෝගය සමඟ කොවිඩ්-19 ආසාදනය වීමයි.

32 වන මරණය

32 වන මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

දීර්ඝ කාලීනව රෝගාබාධ රාශියකින් පෙලී ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම සමඟ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමයි.

33 වන මරණය

33 වන කොවිඩ්-19 මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. එම පුද්ගලයා ද සිය නිවසේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

දීර්ඝ කාලීන රෝගාබාධයන්ගෙන් පෙලී ඇති අතර දින ගණනක් උණ රෝගයෙන් පෙලී ඇති බව ද අනාවරණය වී ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම සමඟ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමයි.

34 වන මරණය

34 වන කොවිඩ්-19 මරණය ලෙස වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. අංගොඩ ජාතික බෝවන විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මිනුවන්ගොඩ ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කර සිටිය දී ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. පසුව ලග්ගල පල්ලේගම රෝහලට ඇතුළත් කර ඇති අතර රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා අංගොඩ ජාතික උණ රෝහලට මාරු කර එවීමෙන් පසු එහිදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඇති වූ නියුමෝනියාව සමඟ ලේ විෂ වීමකි.

නිල නිවේදනය මෙතැනින්

Rivira FB Group Rivira Youtube
To Top