(RIVIRA.LK, 2020 නොවැම්බර් 07 පස්වරු 10.37ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 07 වන සෙනුසුරාදා පස්වරු 06.30 වනවිට 13,419ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 188 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
නොවැම්බර් 07 දිනය තුළ තත්වය මෙසේය.
නව ආසාදිතයින් ගණන - 445
දිනය තුළ සුවය ලැබූ ගණන - 537
මරණ ගණන - 04
නොවැම්බර් 07 දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් මෙසේය,
නිරෝධායනයට ලක්ව සිටි – 00
බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ පොකුර ආශ්රිත – 445
එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 9,937 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 74% ඉක්මවූ ප්රමාණයකි.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 7,723කි. සමස්ත ආසාදිතයින් අතුරින් 34 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,662ක් ලෙස සටහන් වේ.

