කොවිඩ්-19

බස්නාහිරට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නොවැ.09 ඉවත් කෙරේ, පොලිස් බලප්‍රදේශ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 08 පෙරවරු 09.30ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඔක්තෝම්බර් 29 දින මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත බස්නාහිර පළාතටම පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දින පෙරවරු 05.00ට අවසන් කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

එහෙත්, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 8ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 2ක් සහ ග්‍රමා නිලධාරී වසමක් තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඒවා මෙසේය,

කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් බලප්‍රදේශ,

  1. මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශය
  2. මෝදර පොලිස් බලප්‍රදේශය
  3. බ්ලූමැන්ඩල් පොලිස් බලප්‍රදේශය
  4. කොටහේන පොලිස් බලප්‍රදේශය
  5. ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශය
  6. වෙරළබඩ පොලිස් බලප්‍රදේශය
  7. ආදුරුප්පු වීදිය පොලිස් බලප්‍රදේශය
  8. මාළිගාවත්ත පොලිස් බලප්‍රදේශය
  9. දෙමටගොඩ පොලිස් බලප්‍රදේශය
  10. වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශය
  11. බොරැල්ල පොලිස් බලප්‍රදේශය
  12. කෙසෙල්වත්ත පොලිස් බලප්‍රදේශය

ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් බලප්‍රදේශ,

  1. වත්තල පොලිස් බලප්‍රදේශය
  2. පෑළියගොඩ පොලිස් බලප්‍රදේශය
  3. කඩවත පොලිස් බලප්‍රදේශය
  4. රාගම පොලිස් බලප්‍රදේශය
  5. මීගමුව පොලිස් බලප්‍රදේශය
  6. පමුණුව පොලිස් බලප්‍රදේශය
  7. ජාඇල පොලිස් බලප්‍රදේශය
  8. සපුගස්කන්ද පොලිස් බලප්‍රදේශය

කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් බලප්‍රදේශ,

  1. හොරණ පොලිස් බලප්‍රදේශය
  2. ඉංගිරිය පොලිස් බලප්‍රදේශය
  3. වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම

ඊට අමතරව, කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ දෙකක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර සභා බලප්‍රදේශයක් සහ තවත් පොලිස් වසමක් ද හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් බලප්‍රදේශ,

  1. කුරුණෑගල නගර සීමාව
  2. කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය
  3. වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම

කෑගල්ල දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් බලප්‍රදේශ,

  1. මාවනැල්ල පොලිස් බලප්‍රදේශය
  2. රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශය

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි මහල් නිවාස 05ක සංචරණය සීමා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

  1. මෙත්සඳ සෙවණ
  2. මිහිජය සෙවණ
  3. මෝදර රන්මිණ සෙවන
  4. සිරිසඳ උයන දෙමටගොඩ
  5. මාළිගාවත්ත NHS නිවාස
Rivira FB Group Rivira Youtube
To Top