Covid-19

ඇඳිරි නීතිය ඉවත් කළත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 08 පස්වරු 03.55ට)

බස්නාහිර පලාතට සහ තවත් ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳරි නීතිය ඔක්තෝම්බර් 09 වැනි දින ඉවත් කිරීමට තීරණය කර ඇත. නමුත්, කොළඹ මහ නගර සීමාවේ පවතින ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කිරීමට තීරණයක කර තිබෙනවා.

ඒ අනුව, හෙට සිට ජනතාවට සමාජය තුළ කටයුතු කිරිමේ දී දැඩි වගකීමක් ඇති බවත් ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල වුවද හැකිතාක් නිවසට වී සිටීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. තවද, විශේෂයෙන් වැඩිහිටියන් සහ නිධන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයින් නිවසටම වී රැඳී සිටීම වඩාත් වැදගත් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

එමෙන්ම, කිසියම් පුද්ගලයෙකුට අත්‍යාවශ්‍ය කරුණක් සඳහා නිවසින් බැහැරව කටයුතු සිදු කිරීමට සිදු වේ නම් මුඛ ආවරණ පැළඳිම, සබන් යොදා දෑත් සේදීම, මීටර 2ක් පමණ පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශනයන් පිළිපැදිම වැදගත් වන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛරස විද්‍යාංඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

එමෙන්ම, ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනයන් අනුව පුද්ගල එක්රැස්වීම්, උත්සව පැවැත්වීම් පැවැත්විය යුතු බව ද ඔහු සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top