,

Brandix හා පෑලියගොඩ පොකුර 10,000 ඉක්මවයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 08 පස්වරු 07.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 08 වන ඉරිදා පස්වරු 06.30 වනවිට 13,702ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නොවැම්බර් 08 දිනය තුළ තත්වය මෙසේය.

  • නව ආසාදිතයින් ගණන - 283
  • දිනය තුළ සුවය ලැබූ ගණන - 562

නොවැම්බර් 08 දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් මෙසේය,

  • නිරෝධායනයට ලක්ව සිටි – 00
  • බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ පොකුර ආශ්‍රිත – 283

එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 10,220 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 74% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 8,285කි. සමස්ත ආසාදිතයින් අතුරින් 34 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,383ක් ලෙස සටහන් වේ.

Rivira Ads