,

මෙරට 35 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 08 පස්වරු 09.34ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 35 වන මරණය නොවැම්බර් 08 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 19 පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රෝහල්ගත කරන විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 22 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 35 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

Rivira Ads