කොවිඩ්-19

තවත් ආසාදිතයින් 595කට සුවයි, සමස්ත ආසාදිතයින්ගෙන් 4න් 3ක් බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ පොකුරෙන්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 09 පස්වරු 05.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 09 වන සඳුදා දින පස්වරු 04.45 වනවිට 13,929ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 595 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 8,880කි. සමස්ත ආසාදිතයින් අතුරින් 35 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,014 බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 419ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 63.7%ක් ලෙසත් මරණ අනුපාතය 0.25%ක් ලෙසත් වාර්තා වේ.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 595 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 14
  • ඉරණවිල රෝහල – 10
  • මිනුවන්ගොඩ රෝහල – 02
  • මුල්ලේරියාව රෝහල – 05
  • නෙවිල් ප්‍රනාන්දු රෝහල – 25
  • රඹුක්කන ප්‍රාදේශීය රෝහල – 07
  • තෙල්දෙණිය මූලික රෝහල – 02
  • කාත්තන්කුඩිය මූලික රෝහල – 01
  • ලග්ගල පල්ලේගම රෝහල – 04
  • අඹන්පොල ප්‍රාදේශීය රෝහල – 01
  • ලුනාව ප්‍රාදේශිය රෝහල – 06
  • කොස්ගම ප්‍රාදේශිය රෝහල – 01
  • දංකොටුව ප්‍රාදේශීය රෝහල – 03
  • පිඹුර ප්‍රාදේශීය රෝහල – 01
  • කරදියනාරු ප්‍රාදේශිය රෝහල – 07
  • උඳුගොඩ ප්‍රාදේශිය රෝහල – 05
  • බණ්ඩාරගම ප්‍රාදේශිය රෝහල – 01
  • පනාගොඩ හමුදා රෝහල – 02
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 239
  • ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය – 24
  • පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය – 94
  • ඇඹිලිපිටිය ප්‍රතිකාර මධ්‍යස්ථානය – 01
  • අම්පාර පුනරුත්ථාපන මධ්‍යස්ථානය – 37
  • කහවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය – 16
  • රඹුක්කන ප්‍රතිකාර මධ්‍යස්ථානය – 75
  • පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය – 12

මේ වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • බ්‍රැන්ඩික්ස් - පෑලියගොඩ කොරෝනා පොකුර – 10,447
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1,467
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 102
  • කන්දකාඩු කොරෝනා පොකුර – 651 (දැනට අක්‍රීයයි)
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඔක්තෝම්බර් මස 03 වැනි දින බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ පළමු ආසාදිතයා වාර්තා වූ අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 75%කට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට වේ. එනම් සමස්ත ආසාදිතයින් අතරින් 3/4ක් එම පොකුරෙනි.

එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 598,421ක් වන අතර නොවැම්බර් 08 දින පරීක්ෂණ 7,986ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට ජනගහණය මිලියනයකට සිදුකර ඇති පරීක්ෂණ ගණන 27,963 ඉක්මවා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top