කොවිඩ්-19

මෙරට ආසාදිතයෝ 14,000 පසු කරයි, හතරෙන් 3ක්ම දෙවැනි රැල්ලෙන්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 09 පස්වරු 09.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 09 වන සඳුදා පස්වරු 09.15 වනවිට 14,101ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නොවැම්බර් 09 දිනය තුළ තත්වය මෙසේය.

  • නව ආසාදිතයින් ගණන - 172
  • දිනය තුළ සුවය ලැබූ ගණන - 595

නොවැම්බර් 09 දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් මෙසේය,

  • නිරෝධායනයට ලක්ව සිටි – 00
  • බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ පොකුර ආශ්‍රිත – 172

එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 10,619 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 75% ඉක්මවූ ප්‍රමාණයකි. එනම් සමස්ත ආසාදිතයින්ගෙන් 3/4 ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 8,880කි. සමස්ත ආසාදිතයින් අතුරින් 35 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,186ක් ලෙස සටහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top