(RIVIRA.LK, 2020 නොවැම්බර් 09 පස්වරු 10.43ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 36 වන මරණය නොවැම්බර් 09 දින වාර්තා වී තිබෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. පෞද්ගලික රෝහලක සිට ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී මියගොස් සිට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
දීර්ග කාලයක් රෝගාතුරව සිට ඇති එම කාන්තාවගේ මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්වයකි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 23 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 36 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

