(RIVIRA.LK, 2020 නොවැම්බර් 10 පෙරවරු 01.00ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතික පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා රජය අවසර දී ඇති බව නොවැම්බර් 09 දින ජනාධිපතිවරයා වෙත ස්තූති කරමින් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය යොමුකළ ලිපියකින් අනාවරණය වී තිබෙනවා.
එම නිවේදනය මගින් තව්හීද් ජමාත් සංවිධානය පවසන්නේ “ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිය ගරුමින් මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවබෝධ කරගෙන මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා දුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, ගරු අධිකරණ ඇමති නීතිඥ අලි සබ්රි මැතිතුමා ඇතුළු වත්මන් රජයටත් මුස්ලිම් ජනතාව වශයෙන් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය ස්තූතිය පුද කර සිටින” බවයි.
මේ අතර, “නිවුස් සෙන්ටර්” වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ භූමියක මෙම සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි. එහෙත් භූමදානය කිරීම පවුලේ ඉල්ලීම මත සිදු කරන්නේ ද, නැතහොත් ආගමික පදනම මත සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැති බව ද එම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.
වැඩිදුර කියවන්න
මුස්ලිම් වැසියන්ගේ භූමදාන අයිතිය වෙනුවෙන් අලි සබ්රි දැඩි සටනක
කොවිඩ් වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය කිරීම පිළිබඳ රජය සළකා බලමින් සිටී – සෞඛ්‍ය ඇමති
එක රටක් – එක නීතියක්, ආදාහනය ගැසට් කරයි
“මට කළ හැකි හැමදේම මම කළා” අලි සබ්රි කනස්සලෙන් තැබූ සටහන
“භූමදානයට අවසර නොදීම වෙනස්කම් කිරීමක්” – බදුර්දීන් ජනපතිට කියයි
ආදාහනයට එරෙහිව රිෂාඩ්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

