,
News

තානාපතිවරුන් 07කට උසස් නිලතල කමිටුවේ අනුමැතිය, සුමංගල ඩයස් කැනඩාවේ මහකොමසාරිස්ධූරයට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 10 පස්වරු 01.47ට)

විදේශ තානාපති සේවය සඳහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ 07 දෙනෙකු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය නොවැම්බර් 09 දින හිමිව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක දී රැස්ව ඇති උසස් නිලතල පිළිබඳ කාරක සභාව සඳහා චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදුර වික‍්‍රමනායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්ම මහත්මීහු සහභාගී වී තිබෙනවා. එහිදී අනුමැතිය හිමි වූ නව තානාපතිවරුන් මෙසේය.

  1. සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති - අහමඩ්.ඒ ජවාඩ් මහතා
  2. නෙදර්ලන්තයේ ශ්‍රි ලංකා තානාපති - අරුණි රණරාජා මහත්මිය
  3. ඊජිප්තුවේ ශ්‍රි ලංකා තානාපති - එම්. කේ පද්මනාදන් මහතා
  4. ස්වීඩනයේ ශ්‍රි ලංකා තානාපති - දර්ශන පෙරේරා මහතා
  5. පෝලන්තයේ ශ්‍රි ලංකා තානාපති - එස්.ඩී.කේ සේමසිංහ මෙනවිය
  6. තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති - සී.ඒ.සී.අයි. කොලොන්නේ මහත්මිය
  7. කැනඩාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් - විශ්‍රාමික එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top