(RIVIRA.LK, 2020 නොවැම්බර් 10 පස්වරු 04.35ට)
තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ නම් කොවිඩ්-19 වසංගතය මෙරට තුළ ව්‍යාප්ත වීමට කිසිලෙසකින් හෝ ඉඩ නොතබන බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, විපක්ෂ නායක කාර්යාලයේ නොවැම්බර් 10 අඟහරුවාදා දින පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා.
“මම සෞඛ්‍ය ඇමතිවරයා වෙලා හිටියා නම් මේ වසංගතය මෙහෙම ඇතුල් වෙන්නේ නැහැ ලංකාවට. මතක තියාගන්න. ඒක මං පැහැදිලිව කියනවා. එහෙම නම් මං කැබිනට් එකේ මොන ක්‍රමයෙන් හරි ගන්නවා ගුවන් තොටුපොළවල් වහන්න. අනිත් එක අඩු ගානේ පිටරටවල්වල වහනකොටවත් වහන්න ලෑස්ති කරගන්නවා. මෙහෙ මොකද කිව්වේ… මේ සෞඛ්‍ය ඇමතිතුමිය පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා.. අපේ සංචාරකයෝ චීනෙන් පැමිණීම අඩුවෙලා තියෙනවා. ඒ නිසා විශාල ව්‍යාපාරයක් දැන් හදලා තියෙනවා. අපි දැන් ඒ ව්‍යාපාරය අනුව අපි යුරෝපයේ ඉඳලා සංචාරකයෝ ලංකාවට ගේනවා කියලා ඇඩ්වර්ටීස්මන්ට් දැම්මා. කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා ඇඩ්වර්ටීස්ට්මන්ට් දාලා ලෝකේ ඉන්න සියලුම කට්ටියට ලංකාවට එන්න කිව්වා ලංකාවේ කොරෝනා නැහැ කියලා. මොන මෝඩකමක් ද? කොරෝනා වසංගතය ගැන අබමල් රේණුවක් අධ්‍යයනයක් කරලා තිබුණා නම් එවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා මේ ආරාධනා කරලා ගෙන්නපු වසංගතයක් තියෙන්නේ මේ.”
එහිදී, කොරෝනා වසංගතයෙන් බේරීම සදහා “පැන් කල” ගංඟාවන්ට දැමිම පිළිබඳව ද විමසීමක් සිදු කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ අයුරින් තම අදහස් පළ කළා.
“ඉතාමත් වැරදි දෙයක් කළේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරිය ඒක කරන එක වැරදියි. වෙන කට්ටිය කළත්, කවුරු කළත් වැරදියි. භික්ෂුන් වහන්සේලා පවා කිව්වා මේවා බෞද්ධාගම නෙවෙයි නේ. මුට්ටි දාලා මේවා කළේ නෑ.. බුදුරජාණන් වහන්සේටත් ජීවක කියලා වෛද්‍යවරයෙක් හිටියා ප්‍රතිකාර කරන්න. බුදුරජාණන් වහන්සේට අසනීප වුනාම ජිවක වෛද්‍යවරයා ලව්වා තමයි ප්‍රතිකාර ගත්තේ. බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්යය කරන්න ගියේ නෑ”
තවද, ප්‍රදේශ හුදකලා කිරීමේ වැඩ පිළිවෙල නිසි පරිදි සිදු වන්නේ නම් කොරෝනා වසංගතය අවසන් කිරීමේ හැකියාවක් ඇති බව ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා.
“මේ ආණ්ඩුව ඔක්කොම බලන්නේ මිලිටරි පැත්තෙන්. ඒකනේ කොවිඩ් සෙන්ටර් කියලා බෝර්ඩ් එක ගහලා ඒකේ මූලිකත්වය දීලා තියෙන්නේ හමුදාවට. මේක හමුදාවෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේකේ උඩ ඉන්න ඔ්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය.”
“අපි කියන්නේ අරින එක වහන එක නෙමෙයි. හරියට ලොක්ඩවුන් වැඩපිළිවෙලක් ගෙනියනවා නම්. ඒ කියන්නේ දවස් 5යි.. දවස් 18ක් අරිනවා. ආයි දවස් 21ක් වහනවා.. ආයි අරිනවා. මෙන්න මේ විදියට කරා නම් ලොක්ඩවුන් එක…කොරෝනා වසංගතය අවසන් කර ගැනීමට හැකිවෙනවා. ඒක තමයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විශේෂඥවරු.. ඇත්තටම මේක ඉන්දියාවේ කරේ.. ඔක්කොම ඒ ගවේෂණය ගැළපෙනවා අපේ ලංකාවට.”

