(RIVIRA.LK, 2020 නොවැම්බර් 10 පස්වරු 03.45ට)
කොවිඩ්-19 ගෝලීය වසංගත තත්වයත් සමග ශ්‍රී ලංකාවේ දී එම වෛරසය ආසාදනය වීමෙන් මරණයට මුස්ලිම් ප්‍රජාවගේ මෘත දේහයන් භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙතෙක් කිසිඳු අවසරයක් ලබා දී නොමැති බව එම අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ්-19 වෛරසය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ එම භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම පිළිබඳ විශේෂඥ කමිටුවක් මගින් තීරණය කිරීම සිදුකළ යුතු අතර මෙතෙක් එවැනි අවසර දීමක් හෝ තීරණයක් ගෙන නොමැති බවයි.
සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය විසින් නොවැම්බර් 09 දින ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වූයේ වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන මුස්ලිම් ප්‍රජාවගේ මෘත දේහ භූමදානය කිරීමට රජය අවසර ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත් රිවිර.lk වෙත රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු සඳහන් කළේ නොවැම්බර් 09 දින පැවති කැබිනට් රැස්වීමේ දී භූමදානය කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය මොහමඩ් අලි සබ්රි කරුණු ඉදිරිපත් කළ බවයි. එහෙත් භූමදානය කිරීම සඳහා අවසර දීමට අදාළ කිසිඳු තීරණයක් කැබිනට් මණ්ඩලය විසින් නොගත් බව ඔහු තහවුරු කළා. එවැනි සෞඛ්‍යමය තීරණයක් කැබිනට් මණ්ඩලයට ගත නොහැකි බව ද එම ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත්, මාධ්‍යවේදිනි ජමිලා හුසෙයින් ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබුණේ මෘත දේහ භූමදානය කිරීම සඳහා සුදුසු භූමියක් වෙන් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී ඇති බවයි. එසේම ශ්‍රී ලංකාව ද වෙනත් රටවල කොවිඩ් මරණ භූමදානය සිදුකරන ක්‍රමවේදය අනුගමනය කිරීමට නියමිත බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
වැඩිදුර කියවන්න
“මුස්ලිම් වැසියන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දීම” ගැන ජනපතිට තව්හීද් ජමාත් ස්තූති කරයි
මුස්ලිම් වැසියන්ගේ භූමදාන අයිතිය වෙනුවෙන් අලි සබ්රි දැඩි සටනක
කොවිඩ් වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය කිරීම පිළිබඳ රජය සළකා බලමින් සිටී – සෞඛ්‍ය ඇමති
එක රටක් – එක නීතියක්, ආදාහනය ගැසට් කරයි
“මට කළ හැකි හැමදේම මම කළා” අලි සබ්රි කනස්සලෙන් තැබූ සටහන
“භූමදානයට අවසර නොදීම වෙනස්කම් කිරීමක්” – බදුර්දීන් ජනපතිට කියයි
ආදාහනයට එරෙහිව රිෂාඩ්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

