(RIVIRA.LK, 2020 නොවැම්බර් 10 පස්වරු 05.10ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී තවත් මරණ 04ක් වාර්තා වන බව නොවැම්බර් 10 දින නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
37 වන මරණය
37 වන මරණය ලෙස වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ රාජගිරිය පිහිටි වැඩිහිටි නිවාසයක ජීවත් වූ 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
නොවැම්බර් 07 දින ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 නියුමෝනියා තත්වයයි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 24 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 37 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
38 වන මරණය
38 වන මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඔක්තෝම්බර් 23 දින ජාතික රෝහලට ඇතුළත් කර ඇති එම පුද්ගලයාගේ මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ ස්වසන පද්ධතියේ ආසාදනයකි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 25 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 38 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
39 වන මරණය
39 වන කොවිඩ්-19 මරණය ලෙස වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකි. ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
නොවැම්බර් 09 දින ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති එම කාන්තාවගේ මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය යි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 26 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 39 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
40 වන මරණය
40 වන කොවිඩ්-19 මරණය ලෙස වාර්තා වන්නේ වයස අවුරුදු 55-60 අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙකි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නොවැම්බර් 08 දින ඉදිරිපත් කර ඇති අතර එහිදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමයි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 27 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 40 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
නිල නිවේදනය මෙතැනින්.

