(RIVIRA.LK, 2020 නොවැම්බර් 10 පස්වරු 07.33ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 41 වන මරණය නොවැම්බර් 10 දින වාර්තා වී තිබෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
රාගම රෝහලේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ දීර්ග කාලීනව පැවති පිළිකා තත්වයක් කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වීම බවයි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 28 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 41 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
තවත් කොරෝනා මරණ 04ක්, මරණ 40 දක්වා ඉහළට

