(RIVIRA.LK, 2020 නොවැම්බර් 11 පස්වරු 02.26ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ප්‍රජාවගේ මෘතදේහ භූමදාන කිරීමට ගනු ලබන උත්සාහය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවය අදහස් පළ කර තිබෙනවා.
ජාති, ආගම් භේදයන්ගෙන් තොරව සෞඛ්‍ය උපදෙස් අනුව පමණක් ඕනෑම මෘත දේහයක් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකළ යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති.
මෙම තත්වය අර්බුදයක් කරගෙන ඇති බව පවසන උන්වහන්සේ පෙන්වා දෙන්නේ වසංගතය ව්‍යාප්ත වීමේ දී කිසිදු ජාතිහේදයක්, ආගම්භේදයක් නැති බව සියලු දෙනා මතක තබා ගත යුතු බවයි.
එවැනි තත්වයක් තුළ වෛරසයෙන් පුද්ගලයෙකු මියගිය විට ඒ මෘතදේහය ආදාහනය කරනවා ද භූමදානය කරනවා ද යන කරුණු තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් විසින් පමණක් බව උන්වහන්සේ අවධාරණය කරති.
එසේම, බෞද්ධයන් ද විශාල කැප කිරීමක් සිදුකරමින් පුද්ගලයෙකු මියගිය පසු ඉටු කළ යුතු චාරිත්‍ර ඉටු කිරීමට නොහැකිව සිටින බව සිහිපත් කරන උන්වහන්සේ පෙන්වා දෙන්නේ බෞද්ධයන් සෑම විටම රටේ නීතියට අවනතව කටයුතු කරන බවයි..
එබැවින් ආගම්වාදී, ජාතිවාදී උන්මන්තකයින්ගේ බලපෑම්වලට යටත්ව රජය කටයුතු නොකළ යුතු බව අවධාරණය කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ රජය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි වඩාත් ආරක්ෂාකාරීව කටයුතු කිරීමට ඉඩ දීම බවයි.
භූමදානයට අදාළව වැඩිදුර කියවන්න පහතින්.
කොවිඩ් මරණ භූමදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන නැති බව කියයි
“මුස්ලිම් වැසියන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දීම” ගැන ජනපතිට තව්හීද් ජමාත් ස්තූති කරයි
මුස්ලිම් වැසියන්ගේ භූමදාන අයිතිය වෙනුවෙන් අලි සබ්රි දැඩි සටනක
කොවිඩ් වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය කිරීම පිළිබඳ රජය සළකා බලමින් සිටී – සෞඛ්‍ය ඇමති
එක රටක් – එක නීතියක්, ආදාහනය ගැසට් කරයි
“මට කළ හැකි හැමදේම මම කළා” අලි සබ්රි කනස්සලෙන් තැබූ සටහන
“භූමදානයට අවසර නොදීම වෙනස්කම් කිරීමක්” – බදුර්දීන් ජනපතිට කියයි
ආදාහනයට එරෙහිව රිෂාඩ්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

