(RIVIRA.LK, 2020 නොවැම්බර් 11 පස්වරු 02.45ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 42 වන මරණය නොවැම්බර් 11 දින වාර්තා වී තිබෙනවා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පොලිස් රෝහලට ඇතුළත් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවයි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 29 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 42 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

