(RIVIRA.LK, 2020 නොවැම්බර් 11 පස්වරු 08.15ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 45 වන මරණය නොවැම්බර් 11 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 11 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. එම කාන්තාව සිය නිවසේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇයට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීමෙන් අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් බවයි.
ඒ අනුව, මෙය දිනය තුළ වාර්තා වූ 04 වන මරණය වන අතර ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 32 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 45 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
දිනය තුළ වාර්තා වූ අනෙක් මරණ පිළිබඳ විස්තර පහතින්.

