,
Covid-19

මෙරට 46 වන මරණයත් වාර්තා වෙයි, දිනය තුළ මරණ 05 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 11 පස්වරු 10.01ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 46 වන මරණය නොවැම්බර් 11 දින වාර්තා වී තිබෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ ලියුකේමියා තත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයකි.

ඒ අනුව, මෙය දිනය තුළ වාර්තා වූ 05 වන මරණය වන අතර ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 33 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 46 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

දිනය තුළ වාර්තා වූ අනෙක් මරණ පිළිබඳ විස්තර පහතින්.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top