Covid-19

භූමදානය හා අධිකරණ ඇමතිවරයා ගැන comments වලින් ජනපතිගේ ෆේස්බුක් පිටුව පිරී යයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 12 පස්වරු 01.53ට)

කොවිඩ්-19 වෛරසයෙන් මිය යන මුස්ලිම් ප්‍රජාවගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි ඇතුළු පාර්ශව රැසක් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සමග බොහෝ පිරිසක් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ අදහස් දක්වා ඇත.

ඇතැමුන් එය සාධාරණීකරණය කරමින් අදහස් දක්වා ඇති අතර තවත් පිරිසක් ඊට විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇත. තවත් බොහෝ පිරිසක් වත්මන් ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවක් වූ “එක රටක්-එක නීතියක්” සංකල්පය ද අලලා අදහස් පළ කර තිබූ අතර තවත් පිරිසක් අධිකරණ අමාත්‍ය අලි සබ්රිට විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබුණි.

එම අදහස්වලින් කිහිපයක් පමණක් පහතින් උපුටා දක්වා ඇත. සියලු අදහස් නැරඹීමට මෙම සබැඳියෙන් ජනාධිපතිතුමාගේ නිල ෆේස්බුක් පිටුවට යන්න.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි ද තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් තිබේ. එය පහතින්.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top