(RIVIRA.LK, 2020 නොවැම්බර් 12 පස්වරු 04.45ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නොවැම්බර් 12 දින පවසනවා.
47 වන මරණය
47 වන මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙකු ලෙස මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ නිධන්ගත පෙනහළු රෝගය සමග කොවිඩ්-19 ආසාදනය වීමයි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 34 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 47 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
48 වන මරණය
48 වන මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙකු ලෙස මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම සමග ද්වියික බැක්ටීරියා ආසාදනයකි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 35 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 48 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

